― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsවිදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්ට පොහොට්ටුවේ පිරිසකගෙන් ගුටි

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්ට පොහොට්ටුවේ පිරිසකගෙන් ගුටි

තමන්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් විසින් අද (19) පස්වරුවේ පහර දුන් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික චෝදනා කරනවා.

විදුලිබිල වැඩි කිරීමට එරෙහිව ගොඩිගමුව ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට ගොස් සිටිය දී ඔහුට මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පහර කෑමට ලක්වූ පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙක් මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.