― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ගුරුවරු කොළඹ වටලති

අද ගුරුවරු කොළඹ වටලති

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසීය.

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ගුරු සංගම් රැසක් මෙම විරෝධතාවට එක්වීමට නියමිත බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් දිවයිනේ සියලුම ජාතික පාසල්වල දස අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව අප්‍රේල් 17 වැනිදා සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (21) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එමඟින් පෙන්වා දෙන්නේ විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි.