― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේටයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 48 දෙනෙක් දිවයිනට

කුවේටයේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 48 දෙනෙක් දිවයිනට

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් පීඩාවට ලක්ව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 48 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශ සහ කුවේට් ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

අද දින ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු කුවේට් ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි නමුත් ඉන් තිදෙනෙකුගේ ලියකියවිලි සම්පුර්ණ නොවීම මත ඔවුන් අතරින් තිදෙනෙකුට දිවයිනට පැමිණීමට හැකි වූයේ නැහැ.

මෙලෙස දිවයිනට පැමිණි පිරිස අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු සිටිනවා. ඔවුන් වසර 04 කට අධික කාළයක් කුවේට් රාජ්‍යයේ විවිධ ස්ථානවල සේවය කර ඇති බව සදහන්.

මෙම පිරිස කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ලියාපදිංචි වී සිටි අතර තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ඔවුන් මෙරටට ගෙන ඒමට කටයුතු කර තිබුණා.