25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල සම්පාදන සේවකයින් හෙට වැඩ වර්ජනයක

ජල සම්පාදන සේවකයින් හෙට වැඩ වර්ජනයක

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් හෙට (23) වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර තිබේ.

සිය ඉල්ලීම් වලට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹුන බවයි ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක සඳහන් කළේ.

ඒ අනුව පසුගිය 13 වැනිදා සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.