25.6 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍ර+හාරයේ සැකකරුවෙක්ට ඇප

පාස්කු ප්‍ර+හාරයේ සැකකරුවෙක්ට ඇප

පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජැස්මින්ට ඉන්දියාවට පළා යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකුට ඇප ලබා දී තිබේ.

මඩකලපුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම ඇප නියම කරන ලදී.

නාකුර්තම්බි අබුබකර් නමැති පොලිස් නිලධාරියා පුලස්තිනී මහේන්ද්‍රන් පිළිබඳ තොරතුරු දැනගෙන සැඟවීම සහ ඇයට රටින් පැනයාමේ හවුල්කරුවෙකු වීම හේතුවෙන් ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටියේය.

ඉන් අනතුරුව ඔහු මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පෙත්සමක්ද ගොනු කර තිබූ අතර පෙත්සම් විභාගය අතරතුර ඔහුට ඇප නියම විය.