ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඊයේ (21) පමණක් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම ආසාදිතයින් අතර විදේශිකයන් තුන් දෙනෙකු හා ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයෙකු සිටින බවයි වාර්තා වන්නේ.
ගත වූ මාසයක කාලය තුළ තමිල්නාඩුවේ කොරෝනා ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැබුණු බවත් මේ හේතුවෙන් දිගින් දිගටම කොරෝනා නියැදි පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් එරට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.