28.9 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිසම අගමැති හමුවීමට සැරසෙයි

මැතිවරණ කොමිසම අගමැති හමුවීමට සැරසෙයි

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීම සඳහා ඉල්ලීමක් කළ බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණ බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා මැතිවරණ කොමිසම කැඳවීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය සිකුරාදා (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.