― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsමත්ද්‍රව්‍ය ගැන දේශන පාසල්වල තියන්න එපා කියමින් පී.එච්.අයිගේ පුතාට ප+හර දීලා

මත්ද්‍රව්‍ය ගැන දේශන පාසල්වල තියන්න එපා කියමින් පී.එච්.අයිගේ පුතාට ප+හර දීලා

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශන පාසල්වල  නොපවත්වන ලෙස පියාට දැණුම් දෙන්නැයි තර්ජනය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ පුත්‍රයකුට පහරදීමේ සිද්ධියක් මන්නාරම ප්‍රදේශයෙන් වාර්තා වනවා . 

පහරදුන් බව කියන බාලවයස්කාර පාසල් සිසුන් ඇතුළු සැකකරුවන් මන්නාරම , සිලාවතුර ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව ද පොලිසිය පවසා සිටියා.පහරකෑ සිසුවා මේ වන විට මන්නාරම රෝහලට ඇතුලත් කොට ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

පොලිසිය පැවසූයේ මෙම පහරදීම මත්ද්‍රව්‍ය දේශන පැවැත්වීම හා මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළුවක්ද නැතිනම් වෙනත් පුද්ගලික කාරණාවක්ද යන්න සොයාබැලීම සඳහා විමර්ශන පැවැත්වෙන බවයි.