30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපිලිපීනයේ යාත්‍රාවක ගින්නකින් 31ක් ජීවිතක්ෂයට

පිලිපීනයේ යාත්‍රාවක ගින්නකින් 31ක් ජීවිතක්ෂයට

පිලිපීනයේ මගී ප්‍රවාහන යාත්‍රාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පුද්ගලයන් 250ක් රැගෙන යමින් තිබූ MV Lady Mary Joy 3 නෞකාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියගිය පිරිස අතර මාස 06 ක ළදරුවෙකු ද සිටින අතර රාත්‍රී 11ට පමණ ඇති වූ ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ.

වෙරළාරක්ෂක නිලධාරීන් පැවසුවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 35ක් ඇතුළුව පුද්ගලයින් 230 දෙනෙකු බේරා ගෙන ඇති බවයි. 7,600 කට වඩා වැඩි දූපත් සමූහයක් වන පිලිපීනය, සමුද්‍ර ආරක්ෂාව සම්බන්ධයෙන් දුර්වල වාර්තා පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. ඇතැම් යාත්‍රා බොහෝ විට මගීන්ගෙන් පිරී ඉතිරී යන අතර ඇතැම් පැරණි නැව් තවමත් භාවිතයේ පවතිනවා.

පසුගිය 2022 වසරේ මැයි මාසයේදී පුද්ගලයින් 134 දෙනෙකු රැගත් අධිවේගී පිලිපීන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගියා.

1987 වසරේ දී, මැනිලා අගනුවරට දකුණින් මින්ඩෝරෝ දූපතට ඔබ්බෙන් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 5,000ක් පමණ මරණයට පත් වුණා.