28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඕස්ට්‍රේලියාවෙත් ටික්ටොක් තහනම් වන ලකුණු

ඕස්ට්‍රේලියාවෙත් ටික්ටොක් තහනම් වන ලකුණු

ඕස්ට්‍රේලියානු රජයේ කටයුතු හා සම්බන්ධ වන දුරකථනවල ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට බ්‍රිතාන්‍ය, නවසීලන්තය, කැනඩාව සහ ඇමරිකාව ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පනවා ඇති අතර ඒ අනුව ටික්ටොක් තහනම් කරනු ලබන 05 වන රට බවට ඕස්ට්‍රේලියාව පත්වනු ඇත.

චීන හිමිකාරිත්වය සහිත ටික්ටොක් යෙදවුම හරහා සිය රටවල සංවේදි තොරතුරු චීනයේ ආරක්ෂක අංශ මගින් ලබාගැනීමට පවතින අවධානම හේතුවෙන් රටවල් රැසක් එම යෙදවුම තහනම් කිරීමට පියවර ගත්තේය.

මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය අද (04) නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.