30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණියන්ට වරායේ දොඹකර ක්‍රියා කරවන්න වැඩි ඉඩක්

තරුණියන්ට වරායේ දොඹකර ක්‍රියා කරවන්න වැඩි ඉඩක්

ඉදිරියේදී තවත් පුහුණුවීම් ලබාදී ගැන්ටි දොඹකර මෙහෙයුම් සඳහා කාන්තාවන් වැඩි වශයෙන් යෙදවීමට බලාපොරොත්තු වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (03) වරාය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති ගැන්ටිර දොඹකර පාඨමාලාව නිමකල පළමු තරුණියන් 10 දෙනා හට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම පාඨමාලාව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මුල්‍යමය දායකත්වය ඇතිව ශ්‍රී ලංකා වෙළඳ නාවිකයන්ගේ ජාතික සංගමය මගින් මහපොල වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ ආරම්භ කළේය.

න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සහිත මෙම පාඨමාලාවේ කාලසීමාව මාස 04 හතරක් වන අතර මේ වනවිට මහපොල වරාය සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලද අංගන දොඹකර ක්‍රියාකාරිනියන් අටදෙනකු වරාය පර්යන්තවල ඉතා ක්‍රියාශීලීව සේවය කරන බව වරාය අධිකාරිය පවසයි.

එමෙන්ම වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ අලුතින් පාඨමාලාව හැදෑරූ ගැන්ටිර දොඹකර ක්‍රියාකරවන්නියන් සඳහා පෞද්ගලික අංශයේ සහ විදේශීය රටවල බහාලු පර්යන්ත වල රැකියා අවස්ථාවන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති බවයි.