26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර කිලෝ ගණනට විකිණීම ඇරඹෙයි

බිත්තර කිලෝ ගණනට විකිණීම ඇරඹෙයි

අද (04) දිනයේ සිට දේශීයව නිපදවනු ලබන බිත්තර, කිලෝ ගණනට විකිණීම ආරම්භ කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඊයේ දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සරත් රත්නායක මේ බව සඳහන් කර සිටියා.

ඒ, අනුව බිත්තර ග්‍රෑම් එකක් ශත 80ක මිලකට විකිණීමට තීරණය කර ඇති බවයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද (04) දිනයේ සිට මධ්‍යම පළාතේ දී පළමුවෙන්ම ආරම්භ කරන බව ඔහු සඳහන් කර සිටියා.