― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆින්ලන්තය නේටෝ සංවිධානය සමඟ එක්වෙයි

ෆින්ලන්තය නේටෝ සංවිධානය සමඟ එක්වෙයි

ෆින්ලන්තය අද, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානය සමඟ සම්බන්ධ වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ෆින්ලන්තය ‘නේටෝ’ සංවිධාන සාමාජිකත්වය ගත් 31 වන රට බවයි එහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳහන් කළේ.

සඳුදා (ඊයේ) පැවති මාධ්‍ය හමුවකදී ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ, |“මෙම සතිය ඓතිහාසිකයි. ෆින්ලන්තයේ ආරක්ෂාවට සහ අපගේ සන්ධානයේ ශක්තිය වැඩි කිරීමට හෙට, ෆින්ලන්තය නේටෝවේ 31 වන සාමාජිකයා බවට පත් වනු ඇති.”