මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඒ අනුව 2023 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන්නේ.
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයකි.


