26.1 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජපන් හමුදාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

ජපන් හමුදාවේ හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි

ජපාන හමුදාවට අයත් හෙළිකොප්ටරයක් මුහුදට කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ UH-60 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ එම යානය තුළ පුද්ගලයින් දසදෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම යානය මියාකෝ දිවයිනට ආසන්නයෙන් ඊයේ (06) පියාසර කරමින් තිබූ අවස්ථාවේ රේඩාර් තිරයෙන් නැතිවී තිබුණි.

යානය අතුරුදන් වූ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි ඔකිනාවා කලාපයේ එම යානයේ කොටස් මුහුදේ පාවෙමින් තිබූ බවයි විදේස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.