26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු කොරියානු තානාපති ජනපති අතර හමුවක්

දකුණු කොරියානු තානාපති ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියොන්ග් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.

ශ්‍රී ලංකාවේ සිය ධුර කාලය අවසන් වූ බව නිල වශයෙන් ප්‍රකාශ කළ Wonjin Jeong මහතා ජනාධිපතිවරයා සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

දකුණු කොරියානු තානාපතිවරයාගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකාවට කළ සේවය වෙනුවෙන් ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඔහුගේ සියලු කටයුතු ඉදිරියේදී සාර්ථක වේවායි ඔහුට සුබ පැතීය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධනද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

වුන්ජින් ජියොන්ග් තානාපතිවරයා 2020 ජූලි 02 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිවරයා ලෙස සේවය කරයි.