27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෞද්ගලික ණය හිමියන්ගෙන් යෝජනාවක්

පෞද්ගලික ණය හිමියන්ගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක මුදල ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාවක් ශ්‍රී ලංකාව වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා කරනවා.

තිස් දෙනකුගෙන් සමන්විත පුද්ගලික ණය හිමියන්ගේ කමිටුවක් විසින් මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව ණය ගෙවීම තාවකාලිකව අත්හිටු වීමෙන් පසු බැඳුම්කර හිමියන් විසින් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය වනවා.

මේ අතර, බැඳුම්කර හිමියන් ඉදිරිපත් කළ යෝජනාවේ ඇතුළත් කරුණු ප්‍රසිද්ධ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බැඳුම්කරහිමියන් සහ රජයේ නිලධාරීන් වොෂින්ටනයේ දී හමුවී ඇති අතර, දෙපාර්ශ්වයේම නීති සහ මූල්‍ය උපදේශකයන් පැමිණ සිටි බව ද වාර්තා වනවා.