31.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඊයේ (14) පස්වරුවේ, අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය.

නාඳුනන දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ.

බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත් විය.

යතුරුපැදිකරුට වෙඩි වැදීමෙන් එම යතුරුපැදිය පෙරළී ඇති අතර එහි ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල්ගත කෙරිණ.

මරණකරු 29 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.