32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර උපායමාර්ගික සංවාදයක්

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර උපායමාර්ගික සංවාදයක්

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර අද (18) දිනයේ උපායමාර්ගික සංවාදයක් පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

ලන්ඩන් නුවර පිහිටි විදේශ පොදුරාජ්‍ය මණ්ඩලයීය හා සංවර්ධන කාර්යාලයේ දී මෙම සංවාදය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.

මෙම සංවාදය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන සහභාගී වීමට නියමිතයි. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ලේකම් මට්ටමේ ප්‍රථම උපායමාර්ගික සංවාදය මෙය බවයි.