29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඑක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානයෙන් පිටව යයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් එම පියවර ගෙන ඇත්තේ තලෙයිබාන්වරු කාන්තාවන්ට තම සංවිධානයේ සේවය කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරන බැවිනි.

2021දී දකුණු ආසියාතික රටක් වන ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත් කර ගන්නා ලදී. 1990 ගණන්වල තලේබාන් පාලන සමයේදී කාන්තාවන්ට දැඩි තහංචි පැනවීය. තලේබාන් සංවිධානය මුලින් කියා සිටියේ එවැනි සීමාවන් තවදුරටත් නොපවතිනු ඇති බවයි.

කෙසේ වෙතත් බලයට පත්වීමෙන් පසු තලේබාන් රජය කාන්තාවන්ට විවිධ තහංචි පැනවීය. මෙතෙක් ලෝකයේ කිසිම රටක් තලේබාන් පාලනය පිළිගෙන නොමැති අතර මෙම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් සංවිධානය එහි ජනතාවට මානුෂීය ආධාර සැපයීමේ නිරතව සිටී. සංවිධානයේ කටයුතු කරගෙන යාමට ඇෆ්ගන් කාන්තාවන්ට අවසර දෙන ලෙස තලේබාන්වරුන්ගෙන් නැවත නැවතත් ඔවුන් ඉල්ලා තිබේ.

කෙසේනමුත් තලේබාන්වරු විසින් එම ඉල්ලීම පිළිගෙන නොමැති නිසා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් පරිපාලක අචිම් ස්ටයිනර් පවසා ඇත්තේ මැයි මාසයේදී ඔවුන් ඇෆ්ගනිස්ථානයෙන් පිටව යන බවයි.