32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldWhatsApp භාවිතයේ වෙනසක්

WhatsApp භාවිතයේ වෙනසක්

මෙටා සමාගම විසින් වට්සැප් යෙදුමේ වෙනසක් සිදු කර තිබේ.

ඔවුන් තීරණය කර ඇත්තේ එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව ලබා දීමටයි.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ මේ බව දක්වා තිබේ.

ඒ අනුව වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවන අතර ඉදිරියේදී මෙම අලුත් අත්දැකීම විඳගැනීමට සූදානමින් සිටින ලෙසයි මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇත්තේ.