― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයින් පත් කිරීම කල් යයි

ස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයින් පත් කිරීම කල් යයි

ස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයින් පත් කිරීම කල් යමින් පවතින බව තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව මානව හිමිකම් කොමිෂන් සභාව, කොමිෂන් සභාව සහ පොලිස් කොමිෂන් සභාවට මෙලෙස සාමාජිකයින් පත් කිරීම කල් යමින් පවතින බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ එකඟත්වයක් නොමැති වීම හේතුවෙන් මෙලෙස සාමාජිකයින් පත් කිරීම කල් යමින් තිබෙනවා.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්වීමෙන් පසු සියලු ස්වාධීන කොමිෂන් සභා විසිර ගිය අතර, ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට නියමිතව තිබුණා.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබූයේ එම ආයතන පාරදෘෂ්‍ය භාවයෙන් යුතුව කටයුතු කිරීම වෙනුවෙනුයි.