― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News“කුඩු අංජු ” ලංකාවට ගෙන එන්න පොලිසිය නීතිපති සහාය පතයි

“කුඩු අංජු ” ලංකාවට ගෙන එන්න පොලිසිය නීතිපති සහාය පතයි

මේ වනවිට ප්‍රංශයේ දී අත්අඩංගුවට පත්ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සිංහාර අමල් සමින්ද සිල්වා හෙවත් ‘කුඩු අංජු’ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් මේ වන විටත් නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සදහන් කර සිටියා.

‘කුඩු අංජු’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (30) පැවැත් වූ මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කරනු ලැබූ සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ජාත්‍යන්තර එකඟතා මත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මෙහිදී පැවසුවා.

පසුගිය බදාදා ප්‍රංශයේ දී එරට පොලීසිය විසින් ‘කුඩු අංජු’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.