― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට බිත්තර වික්ක වෙළෙඳුන් තිදෙනෙක්ට දඩ

වැඩි මිලට බිත්තර වික්ක වෙළෙඳුන් තිදෙනෙක්ට දඩ

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහෙස්ත්‍රාත් සංජිව නාලක වීරසිංහ නියෝග කර තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ (03) ඔවුන් තිදෙනා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එම චුදිතයන් තිදෙනා නුවරඑළිය, නානුඔය සහ ලිදුල ආගරකන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.