― political ―

මැයි මාසයේ විවාද දෙකටම අපි සූදානම් – සජිත්

ලිපි හුවමාරු විජ්ජා ඕනේ නැති බවත් මැයි මාසයේ විවාද දෙකටම තමා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සක්වල...
HomeHot Newsදුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි

දුම්රිය ධාවනය හෙට සිට සාමාන්‍ය පරිදි

පැවති දීර්ඝ නිවාඩුවෙන් පසු හෙට (08) දිනයේ දී දුම්රිය ධාවනය සාමාන්‍ය කාල සටහන් පරිදි ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට ප්‍රමාණවත් දුම්රිය සේවකයින් රාජකාරී සඳහා වාර්තා කර ඇති බවයි.

මේ අතර වෙසක් නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවය යළි කොළඹ දක්වා පැමිණීම සඳහා විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

මගීන්ගේ අවශ්‍යතාවය පරිදි උපරිම බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කර ඇති බවයි එම කොමිෂන් සභාව දන්වා සිටියේ.