Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsගෙවී ගිය සතියේදී ඩෙංගු රෝගීන් 1,896ක්

ගෙවී ගිය සතියේදී ඩෙංගු රෝගීන් 1,896ක්

ගෙවී ගිය සතියක කාලය තුළ ඩෙංගු රෝගීන් 1,896 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් අසේල ගුණවර්ධන සදහන් කරනවා.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ අඩුවක් දක්නට තිබුණත් එම තත්ත්වය ඩෙංගු මර්ධන ක්‍රියාවළිය නතර කිරීමට හේතුවක් නොවන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සදහන් කරනවා.

ගෙවී ගිය සතිය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් 405ක්,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 394ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 130ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 108ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 67ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 156ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය පසුගිය සතියේ වාර්තා වූ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියා.

ඩෙංගු තුන්වන ප්‍රභේදය මෙරටින් වාර්තා වී ඇත්තේ වසර 14 කට පසුව බවත් මෙම තත්ත්වය හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් ද ජනතාව අවදානය යොමු කළ යුතුව ඇතැයිඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර එළඹෙන ජුනි මාසය වනවිට ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.