― political ―

රනිල් – බැසිල් තවත් හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර ඊයේ (09) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ මෙම හමුවේදී සාකච්ඡා කළ...
HomeNewsමහබැංකු පනත කල් යයි

මහබැංකු පනත කල් යයි

ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර තිබේ.

අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර, දැනට ඉදිරිපත්ව ඇති ‘ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත’ වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ලිපියක් භාර දී තිබේ.