― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeNewsආණ්ඩුකාරවරුන් ඉවත් කරන්න ජනපතිට බලයක් නැහැ - හිටපු අගවිනිසුරු

ආණ්ඩුකාරවරුන් ඉවත් කරන්න ජනපතිට බලයක් නැහැ – හිටපු අගවිනිසුරු

ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසයි.

ඔහු පවසන්නේ එසේ ආණ්ඩුකාරවෘන් ඉවත් කරන්නේ නම් පළාත් සභාවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත කළ යුතු බවයි.

ආණ්ඩුකාරවරුන්ට ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙන් කළ විමසීමකදීයි හෙතෙම මේ බව සඳහන් කර සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අගවිනිසුරුවරයා කියා සිටියේ පළාත් සභා පිහිටවූ 13වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පෙර පටන්ම ලංකාවේ පළාත් සභා ඡන්ද පැවතුනු බවත් නීතියට අනුව 2017 ඔක්තෝබර් මාසයේදීත් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබුණ බවත්ය.

එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය විසින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තු පනත් දෙකක් ගෙනා බවත් එය දෙවනවර කියවීමේ දී එම පනතටම තවත් පිටු 20ක් ඇතුලත් කරමින් පළාත් සභා මැතිවරණයක් ඇතුලත් කර සංශෝධනයක් ගෙනා බවත් ඔහු අවධාරණය කළේය.