28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (09) ආරම්භ වුණා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණා. එහිදී පැහැරගැනීමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා සාක්ෂි ලබාදුන්නා.

අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 01 වනදා දක්වා කල් තැබීමටයි අධිකරණය නියෝග කළේ. මෙම නඩු විභාගය පැවති අවස්ථාවේ විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අධිකරණයේ පෙනී සිටියා.