28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංගා රැසක ජල මට්ටම ඉහළට

ගංගා රැසක ජල මට්ටම ඉහළට

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව නිසා අත්තනගලුඔය, කැළණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනතෙක් ගංවතුර අවදානමක් නොමැති වූවද පවතින වැසි තත්වය හමුවේ අවධානයෙන් පසුවීම වැදගත් බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර පැවසුවේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා චණ්ඩ සුළි කුණාටුවේ බලපෑමෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.