27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපියාගේ අතින් පුත්‍රයා අවසන් ගමන් යයි

පියාගේ අතින් පුත්‍රයා අවසන් ගමන් යයි

ඉදුරුව ඇටවලවත්ත එස්.ඕ.එස්. සුනාමි ගම්මානයේ දී පියා සහ පුතා අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පියා එල්ල කළ පිහි පහරකින් පුතා මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසනවා.

මෙසේ මරාදමා ඇත්තේ ඉදුරුව ඇටවලවත්ත පදිංචි කසුන් කුමාර නමැති 21හැවිරිදි තරුණයකු බවත් නිවසේදී දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පියා නිවසේ තිබූ මන්න පිහිය ගෙන පුතාගේ ගෙලට කොටා ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසනවා.

ඔහුව බලපිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව ද පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් හැටපස් හැවිරිදි සැකකාර පියා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.