25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෆාස්ටර් ජෙරම් දිවයිනට පැමිණි විගස අත්අඩංගුවට ගන්නවා

ෆාස්ටර් ජෙරම් දිවයිනට පැමිණි විගස අත්අඩංගුවට ගන්නවා

දේවගැති ජෙරම් ප්‍රනාන්දු දිවයිනට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.

ඔහු රටින් පිටව ගොස් ඇති බව වාර්තා වන නමුත් ඔහු පසුගියදා බුදු දහම සහ ඉස්ලාම් දහම ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් නැවත මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව විදේශ ගමන් තහනමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ලබා ගත්තේය.

කෙසේ වෙතත් ඔහු පසුගියදා රටින් පිටව ගියේය.