31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅක්මීමන දරුවන් පැහැරගැනීමේ සිද්ධිය බොරුවක්

අක්මීමන දරුවන් පැහැරගැනීමේ සිද්ධිය බොරුවක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් ඇති ප්‍රචාරයක් පිළිබඳව පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇති දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් අක්මීමන පොලිස් ස්ථානයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවට වන පුවත සම්බන්ධයෙන් අක්මීමන පොලිස් ස්ථානාධිපති විසින් පැහැදිලි කිරීමක් යොමුකර ඇති බවයි ඉන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව දරුවන් පැහැර ගැනීමට උත්සාහ කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අක්මීමන පොලීසියෙන් දැනුම්දීමක් කර නොමැති අතර එලෙස දරුවන් පැහැරගැනීමක් හෝ එවැනි උත්සාහ කිරීමක් පිළිබඳව අක්මීමන හා යක්කලමුල්ල පොලිස් බලප්‍රදේශ තුළින් වාර්තාවී නොමැති බවට ද අක්මීමන පොලිස් ස්ථානාධිපති විසින් වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම ප්‍රචාරය වන පුවත අසත්‍ය පුවතක් බවට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත දැනුම්දෙයි.