― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අවුරුදු එක හමාරක පමණ කාලයක් රෝගාතුර වීම හේතුවෙන් මොහු වැඩිමහල් දියණියගේ නිවසේ පදිංචිව සිට ඇති අතර අද (18) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඒ මහතා 87 වන වියේ පසුවුණා.

‘ඇළ දොළ ගඟ’, ‘කටුරොද ගම්මානේ’, ‘වතුර නල’, ‘රෝස මලක් දුටුවම’, ‘මැණිකා මැණිකා’, ‘වීණා විල මැද ඕලු මලේ’, ‘මුතු බෙල්ලෝ’ තවමත් ගුවන් විදුලි නාලිකාවලින් විකාශය වන ඔහුගේ ජනප්‍රිය ගීත කිහිපයක් වන අතර ඔහු 60 සහ 70 යුගයේ අංක එකේ සහ වැඩිම ඉල්ලුමක් ඇති තරුව ලෙස ද හදුන්වනු ලබයි.