― political ―

මගේ ළඟ ඩීල් දේශපාලනය නෑ – විජේදාස

තමා ළඟ ඩීල් දේශපාලනය නොමැති බවත් තමා පක්ෂයක වැඩබලන සභාපති වුණා කියා තමාගේ ඇමතිකම අහෝසි කිරීමට රජයට කිසිඳු හේතුවක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස...
HomeHot Newsවසන්ත මුදලිගේ බලන්න විපක්ෂ නායක යයි

වසන්ත මුදලිගේ බලන්න විපක්ෂ නායක යයි

රජය විසින් පුරවැසියන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අඛණ්ඩව උල්ලංඝනය කරන ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කිරීමට ජනතාවට නිදහස ලබාදිය යුතු බවත්, ඔවුන්ගේ අයිතීන් සීමා කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සමගි ජන බලවේගය විරෝධය පළ කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවීමට රාගම ශික්ෂණ රෝහලට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාව තුළ අත්තනෝමතික බලයක් නිර්මාණය කිරීමේ අරමුණින් මැතිවරණ ප්‍රමාද කිරීම තුළින් රජය ජනතා අයිතීන් කඩ කරන බවට ප්‍රේමදාස මන්ත්‍රීවරයා චෝදනා කළා.

සමගි ජන බලවේගය හෝ එහි කිසිවෙකුත් කිසිවිටෙකත් එවැනි රජයක් සමඟ කටයුතු නොකරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

වසන්ත මුදලිගේ සහ තවත් පිරිසක් ඊයේ කැලණිය විශ්වවිද්‍යාලය අසල උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණා.

රෝහලට ගිය විපක්ෂනායකවරයා වසන්ත මුදලිගේ හමුවී ඔහුගේ තත්වය සම්බන්ධයෙන් විමසා බැලුවා.