28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිතුමතේට සුදුවෙන්න ක්‍රීම් ගාන්න කලින් මේකත් කියවන්න

හිතුමතේට සුදුවෙන්න ක්‍රීම් ගාන්න කලින් මේකත් කියවන්න

රුපියල් ලක්ෂ 10 වටිනා ආලේපන නිෂ්පාදන තොගයක් සමඟ තරුණියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි කොස්වත්ත ප්‍රදේශ‍යේ පදිංචිකාරියක් වන අතර ඇය විසින් නමක් ගමක් සඳහන් නොවන අදාළ නිෂ්පාදන අන්තාර්ජාලය ඔස්සේ අලෙවි කරන බවට තොරතුරක් ලැබී තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ඒ අනුව සිදු කළ වැටලීමේදී ප්‍රමිතියකින් තොර මෙම නිෂ්පාදන හමු වූ බවත් ඒවා ඊයම්, කැනඩියම්, ආසනික් වැනි උග්‍ර පිළිකා කාරක බහුල බැර ලෝහ වර්ගයන් ප්‍රමිතිය ඉක්මවා අඩංගු කර ඇත්දැයි සෙවීමට ප්‍රමිති ආයතනයට හා පරීක්ෂණාගාරවලට යොමු කරන බවයි.

එමෙන්ම එම ස්ථානයේ තිබී විවිධ ආලේපන අඩංගු කුඩා බෝතල් දහසකට මුද්‍රා තැබීමටද පොලීසිය පියවර ගත්තේය.