26.1 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර බෝධියේ බුදුමැදුර තුළ මළ සිරුරක්

කළුතර බෝධියේ බුදුමැදුර තුළ මළ සිරුරක්

කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ තිබී මළසිරුරක් අද (31) දහවල් සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වූ එක්දරු පියෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු බුදුන් වැදීම සඳහා නිතර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයකු බව සඳහන්. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර මෙම මරණය සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද පරීක්ෂණ සිදු කර තිබෙනවා.

පරීක්ෂණවලින් පසු මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලට යොමු කිරීමට නියමිතය.