― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsඇමෙරිකානු තානාපතිනිය වතුකරයේ ජනතාව හමුවෙයි

ඇමෙරිකානු තානාපතිනිය වතුකරයේ ජනතාව හමුවෙයි

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් අද (05) වතුකරයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය පිළිබඳව ඇය සිය නිල ට්විටර් පිටුවේ සඳහන් කර ඇත.

තම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් තානාපතිවරිය සඳහන් කළේ කඳුකර පවුල් හමුවූ බවයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට වසර 200 ක ඉතිහාසයක් ඇති බවත් ඇය එම පණිවුඩයේ දක්වා ඇත.

ඔවුන් මුහුණ දෙන ආර්ථික හා දේශපාලන බාධාවන් පිළිබඳවද තමන් විමසූ බවත්
ඔවුන්ට වඩා හොඳ නිවාස, අධ්‍යාපනය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ඇති අවස්ථා පිළිබඳව තමන් සෘජුවම විමසා බැලූ බවත් තානාපතිනිය පැවසුවාය.