33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ හෙට කොළඹ වටලයි

අන්තරේ හෙට කොළඹ වටලයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හෙට (07) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හෙට (07) කොළඹට පැමිණීමට නියමිතව ඇත්තේ.

එමෙන්ම පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැමීමට විරෝධය පළ කරමින් අනිද්දා (08) ජාතික ජන බලවේගයද මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණීමට නියමිතයි.

ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර මුදල ඉහළ දැමීම, ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික ලබා දීම, මාස පහක් තිස්සේ සිරගත කොට සිටින කැලුම් මුදන්නායක, දිල්ෂාන් හර්ෂණ යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කිරීම, අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම, ජීවන වියදම් පහළ හෙළීම, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම හා ප්‍රතිත්‍රස්ත පනත ඉවත දැමීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගනිමින් අන්තරේ ද සිය විරෝධය පළ කිරීම සඳහා තම පාගමන සංවිධානය කොට තිබේ.