ජූනි මස 10 වැනිදා සිට දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි සිට කන්කසන්තුරේ දක්වා භාණ්ඩ ප්‍රවාහන නැව් සේවයක් ආරම්භ කිරීමට හේලිස් සමාගමට අවසර ලැබී තිබේ.
ඒ අනුව එම සමාගම භාණ්ඩ ප්‍රවාහන කටයුතුවල නිරත වන අතර තවත් සමාගම් හතරක් ඊට අවසරය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දියාවේ කරෙයිකාල් හා කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන සේවා ව මැයි මස 15 වැනිදා සිට ආරම්භ කිරීමට මුලින් සැලසුම් කොට තිබුණද එම සැලසුම දියත් කිරීමට ඉන්දියාව පාර්ශ්වයෙන් තවත් කාලයක් ඉල්ලා සිටීම නිසා එම මගී නැව් සේවා ආරම්භ කිරීම කල් දැමීය.


