30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඔහු මටත් වඩා හොඳ ඉරියව්වකින් තරඟ කරනවා - ලසිත් මාලිංග

ඔහු මටත් වඩා හොඳ ඉරියව්වකින් තරඟ කරනවා – ලසිත් මාලිංග

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සිය අවධානයට ලක්වූ නව හැවිරිදි පිරිමි දරුවා සොයා ගැනීමට උදව් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට ස්තූතිය පළ කරමින් ෆේස්බුක්හි විශේෂ පණිවිඩයක් තබා තිබේ.

වීරවිල ප්‍රදේශයේ පදිංචි නව හැවිරිදි දෙනෙත් අනුහස් පාසලේදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පුහුණු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කළ බවයි ලසිත් මාලිංග පවසන්නේ.

පන්දු යැවීමේ ඉරියව්වෙන් තමාගේ අවධානයට ලක්වූ දෙනෙත්ට පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් තමාට වඩා දක්ෂ පන්දු යවන්නෙකු වීමේ හැකියාව ඔහුට ඇති බව ඔහු පැවසීය.