26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසිය ඇතුළේ යකා නැටූ 19ක් අත්අඩංගුවට

පොලිසිය ඇතුළේ යකා නැටූ 19ක් අත්අඩංගුවට

හික්කඩුව පොලිස් ස්ථානය තුළ පැමිණිල්ලක් විභාග කිරීමට යාමේදී සාමය කඩ කරමින් හැසිරීම නිසා පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන් 05ක් සහ පිරිමි පුද්ගලයන් 14ක් ඊට ඇතුළත්ය.

වැලිගම මුහුදු තීරයේ දී බෝට්ටුවකට පහරදී අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබු පැමිණිල්ලක් විභාගයට ගැනීම සඳහා ඔවුන් පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර
එහිදි දෙපාර්ශ්වයේම පුද්ගලයින් විසින් පොලිස් ස්ථානය තුළ දී කලහකාරීව හැසිරී තිබේ.

ඒ අනුවයි අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 24ත් 50ත් අතර වයස්වල පසුවන රත්ගම සහ දොඩන්දූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පවසන්නේ.