27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැදුරු ඔයේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

දැදුරු ඔයේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

දැදුරු ඔයේ දියනෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව හලාවත පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පානදුර – විජය මාවතේ පදිංචිව සිටි හොරණගේ චතුර කුමාර ප්‍රනාන්දු නැමැති 26 හැවිරිදි තරුණයෙක්. මෙම තරුණයා ඇතුළු 18 දෙනෙකු පසුගිය 03 වැනිදා පොහොන් උත්සවය සහභාගී වීම සදහා අනුරාධපුරයට ගොස් ඇති අතර ඊයේ (05) සවස ඔවුන් අනුරාධපුරයේ සිට ආපසු යමින් සිටින අතරතුර හලාවත – දැදුරු ඔයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම තරුණයා දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ. දියේ ගිලී අනතුරට පත් තරුණයා එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගොඩට ගෙන ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ වනවිටත් එම තරුණයා මිය ගොස් ඇති අතර මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.