26.7 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබම්බලපිටියේ ඩ්‍රෝන කැමරාවක් යැවූ සිසුවෙක් අත්අඩංගුවට

බම්බලපිටියේ ඩ්‍රෝන කැමරාවක් යැවූ සිසුවෙක් අත්අඩංගුවට

බම්බලපිටිය දුම්රියපොළ අසළ ආපනශාලාවක් ඉදිරිපිට සිට අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කරමින් සිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

ඒ ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක 23 මහලේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති ගුවන් ආරක්ෂක අංශයේ මුරපොළේ රාජකාරියේ යෙදී සිටි ගුවන් හමුදා නිලධාරීන් මෙම ඩ්‍රෝන කැමරාව නිරීක්ෂණය කර එම පුද්ගලයා සහ කැමරාව ඔවුන්ගේ භාරයට ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරුව බම්බලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් එම සිසුවා මෙන්ම ඩ්‍රෝන කැමරාව සහ එය හැසිරවීම සඳහා යොදාගත් උපකරණය මෙන්ම ජංගම දුරකථනයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කර ඇත්තේ දුම්රියපොළ ඉදිරිපිට පිහිටා ඇති ආපනශාලා සමූහයට වසරක් පිරීම නිමිත්තෙන් එය සැමරීම සඳහා බවයි ප්‍රකාශ කර ඇත්තේ.