හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගංවතුරෙන් නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර 84 දෙනෙකු රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන ඇති අතර මේ හේතුවෙන් 13,300කට අධික පිරිසකට නිවාස අහිමිව අවතැන් කදවුරුවල සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


