22.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිදියහනේ නිදා සිටි සැමියාට බිරිඳ ගිනි තියලා

නිදියහනේ නිදා සිටි සැමියාට බිරිඳ ගිනි තියලා

බිරිඳ විසින් සැමියාට ගිනි තැබීමේ පුවතක් මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්‍රදේශයෙන් අදා (18) අලුයම වාර්තා වනවා.

අදාළ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ කලක සිට පවත්වාගෙන යන අනියම් සම්බන්ධතාවක් මත මෙම අඹුසැමි යුවළ අතර නිතර ආරවුල් හටගන්නා බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ඇති වූ ආරවුලකින් පසු සැමියා නිදා සිටින අවස්ථාවේ දී බිරිඳ විසින් අද අලුයම තුනට පමණ ඔහුට ගිනිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කකුල් දෙක ප්‍රදේශ පිළිස්සුම් තුවාල ලැබූ සැමියා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සැකකාර බිරිඳගෙන් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඇය පවසා ඇත්තේ, සැමියා විසින් තමන්ට පොරවකින් පහරදුන් අවස්ථාවේ තමන් මිය ගිය බව සිතා ඊට බිය වී ඔහු විසින්ම ඔහුට ගිනි තබා ගෙන ඇති බවයි.