27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුලී රැකියාවක් සොයා ගැනීමට නොහැකිව සිත් තැවුලට පත් වූ අයෙක් සියදිවි...

කුලී රැකියාවක් සොයා ගැනීමට නොහැකිව සිත් තැවුලට පත් වූ අයෙක් සියදිවි හානිකර ගනී

කුලී රැකියාවක් නොමැති වීම නිසා සිත් තැවුලට පත් වූ පුද්ගලයෙකු සිය නිවස තුළ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව මාතලේ පොලිසිය පවසයි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 34 හැවිරිදි මාතලේ අළුවිහාර ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

එදිනෙදා කුලී වැඩට යමින් ජීවත් වූ පුද්ගලයා මාතලේ නගරයට ගොස් කුලි රැකියාවක් සෙවුවද සොයා ගැනීමට නොහැකි වී තිබේ.

පසුව ඔහු නිවසට පැමිණ බිරිඳට පවසා ඇත්තේ කෙසේ හෝ රුපියල් දාහක් සොයාගෙන එන ලෙසටය.

ඒ අනුව ඇය නිවසින් පිටව ගොස් මුදල් සොයා ගෙන එන අතරතුර සැමියා හෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා,

මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.