26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතරට අද පැය 12ක ජල කප්පාදුවක්

කළුතරට අද පැය 12ක ජල කප්පාදුවක්

කළුතර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට අද (05) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගරය, අලුත්ගම, පිලමිනාවත්ත, කලුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

අලුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 9.30 දක්වා එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති.