27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙම්වතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියකට ලක්ෂ දෙකක ශරීර ඇප

පෙම්වතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණියකට ලක්ෂ දෙකක ශරීර ඇප

සිය පෙම්වතා පැහැරගෙන යාම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් තරුණියක ඇතුළු සිව්දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්‍රාත් අද(05) නියෝග කළා.

වාද්දුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු මෙසේ ඇපමත මුදාහරින ලදී .

පැහැර ගැනීමට ලක්වූ තරුණයා සහ පැහැරගත් තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීම සඳහා තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට අධිරණයේදී කරුණු අණාවරණය වී තිබේ

නඩුව ලබන 2024 පෙබරවාරි මස 02 දින යලි කැදවීමට නියමිතයි.