29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචෙන්නායි – යාපනය ගුවන් ගමන් මෙම ජූලි 16 වනදා සිට සතියේ සෑම...

චෙන්නායි – යාපනය ගුවන් ගමන් මෙම ජූලි 16 වනදා සිට සතියේ සෑම දිනකම -ඉන්දීය මහ කොමසාරිස්ගෙන්

ඊයේ (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඉන්දියානු සංචාරක සම්මේලනය සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසුවේ මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම මම ඉතා අගය කොට සලකනවා. පසුගිය සති අන්තයේ ශ්‍රී ලංකාවේ සුන්දරම ප්‍රදේශ කිහිපයක් හරහා අමතක නොවන දුම්රිය ගමනක් ඔබ වෙනුවෙන් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. ඒ සඳහා මා ඇතුළු පිරිසක්ද සහභාගී වුණා.

මා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මීදුම සහිත වනාන්තර, වතුකරය සහ සුන්දර භූ දර්ශනය හරහා ගිය සුන්දර ගමන සිහිපත් කිරීමට පමණක් නොවෙයි. එහිදී මට කරුණු දෙකක් සිහිපත් වුණා. ඉන් එකක් නම්, ඉන්දියාවේ සිට පැමිණි පිරිසට හුරු පුරුදු පරිසරයක් මෙහි තිබෙන බවයි.

එමෙන්ම වසුරි සහ නීල්ගිරිස් ප්‍රදේශ සඳහා යන ගමන් මඟ සිහිපත් වෙනවා. වසුරියට සමාන උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයක වැටී තිබෙන මෙම දුම්රිය ගමන දෙපස ඇති තේ වතු නිසාම ඉන්දීය ජනතාවට නිලගිරී දෙසට ගමන් කරන අන්දමක් සිහිපත් කරනවා. එම දුම්රිය ගමනේ, ගමනාන්තය වන ලෝකයේ ප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලම හා ප්‍රසිද්ධ ඇල්ල නම් ස්ථානයට ළඟා වූ විට, මට මගේ ඇස් අදහා ගත නොහැකි වුණා. එම ප්‍රදේශය සංචාරකයන්ගේ පාරාදිසයක් බවට පත්වී තිබෙනවා. ඒ තරමටම එය ආකාර්ෂණීයයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ වෙනත් රටවලින් පැමිණි සංචාරකයන් එහි සිටියා.

ජනාධිපතිතුමනි, ඔබ මෙහි පැමිණීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සමෘද්ධිය සඳහා වඩාත් සමීප හා සහයෝගීතා පියවරක් ලෙසයි මා දකින්නේ.

ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවය දැඩි සහෝදර සම්බන්ධතාවයක්. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර භූගෝලීය සමීපත්වය පිළිබඳ අපි කවුරුත් දන්නවා. දශක ගණනාවක් පුරා පවතින දෙරට අතර මෙම භූගෝලීය සමීපත්වය ඉතිහාසය, සංස්කෘතිය, ශිෂ්ටාචාරය, ආගම්, භාෂා, සංගීතය, චිත්‍රපට, ක්‍රිකට් ක්‍රීඩාව, ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය, ගෞරවය, සාමය යන අංශවලින් සාක්ෂි දරනවා.

මෙම සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය ලබාදීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාට මෙන්ම ඒ සඳහා නායකත්වය දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මාගේ විශේෂ ස්තුතිය පුද කළ යුතුයි.

පසුගිය මාස කිහිපය තුළ සතියකට හතර වතාවක් ක්‍රියාත්මක වූ චෙන්නායි – යාපනය ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට පමණක් නොව, මෙම ගුවන් ගමන් ජූලි 16 වනදායින් ආරම්භ වන සතියේ සිට සෑම දිනකම ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව තිබෙනවා . දශක ගණනාවක් තිස්සේ ධාවනය නොවූ දෙරට අතර බෝට්ටු සේවාව නැවත ආරම්භ කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ජාත්‍යන්තර නෞකාවක් පිළිබඳ අදහස තවදුරටත් අදහසක් පමණක් නොවන බව කිවයුතුයි.

ඉන්දියානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ගෙවීම් සඳහා දැන් ඔවුන්ගේ මුදල් භාවිතා කළ හැකි බැවින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මුදල් භාවිතය ද සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට හේතුවක්.දෙරට අතර ඩිජිටල් ගෙවීම් සක්‍රීය කිරීමට පියවර ගනිමින් සිටින අතර මෙය දේශසීමා ඉක්මවා ගොස් ජීවිත පරිවර්තනය කිරීමට පමණක් නොව, අපගේ පොදු උරුමය ගොඩනැගීමටද හේතුවනු නිසැකයි.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඉන්දියානු සංචාරක නියෝජිත සංගමයේ සභාපති ජෝති මායල් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.